Sunday, May 19, 2013

ආදරය....




ආදරය
බලාපොරොත්තු ගොඩක්…

බලාපොරොත්තු?
මිනිසෙක් ජීවත් කරවයි…

ජීවිතය?
ප්‍රාර්ථනාවක් වගේ…

ප්‍රාර්ථනාව?
සුළඟක් වගේ…

සුළඟ?
සැනසුමක් වගේ…

සැනසුම?
අනන්තයක්…

අනන්තය?
කිසිඳා හමුනොවන දෙයක් ….





ආසයි සදාකල් නුඹ ලඟ දැවටෙන්න




කෙසේ නම් ඔබහට කියම්ද....
නුඹ වෙනුවෙන් හදෙහි උතුරන අමිල සෙනෙහස,
නුඹ හට පෑවසිමට නොහෑකිව ලතවෙන....

සිහින සිත නුබව දැක
නුවන් අගින් කඳුලු බිදු වෑගිරෙන්නේ
හදෙහි තැන්පත් ප්‍රේමය
සෑබෑවින් නුඹ හට පෑවසීමට බිය නිසා මද...

ආසයි සදාකල් නුඹ ලඟ දැවටෙන්න
නුඹේ ඔය සිත් අහසේ
එළිය දෙන සඳක් වන්නට
නුඹට හැකිවේද පෙම්වත මට ඉඩ දෙන්න...?


සිහිනය නුඹයි....


මසිත් අහස පුරා සැරි සරා
කාන්තිය විසිරවු
සිහිනය නුඹයි....

දකිනුවස් නිරන්තර
දෑස් අග සිනා කැන්
ගනදුරට එළිය වු
සිහිනය නුඹයි....

නෙතුපියන් නොඇර සිට
කිටි කිටියේ තද කරන්
නින්දෙත් නොනින්දෙත් සිටි
සිහිනය නුඹයි...